2023 ලෝක කුසලානයත් රටවල් දෙකක පැවැත්වීමට අයි.සී.සීයේ අවධානය

Date:

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තානය ක්‍රීඩා කරන තරග වෙනත් රටකදී පැවැත්වීම සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) අවධානය යොමුව තිබෙනවා.

පසුගිය සතියේ දී ඩුබායි හී දී පැවැති අයි.සී.සී රැස්වීම අතරතුර දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

2023 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාව විසින් දරනු ලැබුව ද, ඉන්දියාව හා පාකිස්තාන අතර පවතින දේශපාලන අර්බුද හේතුවෙන් මෙලෙස පාකිස්තානය ක්‍රීඩා කරන තරග වෙනත් රටකදී පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සදහන්.

ඒ අනුව මෙම ගැටලුවට විකල්පයක් වශයෙන් අදාළ තරග බංග්ලාදේශයේ දී පැවැත්වීම පිළිබද අවධානය යොමුව ඇති නමුත්, මේ සම්බන්ධයෙන් විධිමත් මට්ටමෙන් මෙතෙක් සාකච්ඡා පවත්වා නැහැ.

පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ද මෙම ආකෘතිය යටතේ පැවැත්වීමටයි අවධානය යොමුව ඇත්තේ.

එනම්, දෙරට අතර පවතින දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දියාව ක්‍රීඩා කරන තරග වෙනත් රටකදී පැවැත්වීම පිළිබද සාකච්ඡා වී තිබූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය හෝ එංගලන්තය වැනි රටක ඉන්දියාව ක්‍රීඩා කරන තරග පැවැත්වීමට සැලසුම් කරමින් පවතිනවා.

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය සදහා ඉන්දියාව සුදුසුකම් ලැබුවහොත් එම තරගය ද වෙනත් රටකදී පවත්වනු ඇති.

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත 2023 ආසියානු කුසලාන තරගාවලිය සදහා ඉන්දියාව එක්නොවන්නේනම්, තම රට ද ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා නොකරන බවටයි පාකිස්තානය මීට පෙර අනතුරු අගවා තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...