මහේල ජයවර්ධන ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ “උපදේශක පුහුණුකරු” ලෙස කටයුතු කරන මහේල ජයවර්ධනට ජාතික කණ්ඩායම සමඟ තරග සංචාර සදහා එක්වීමේ කාර්යය පැවරී නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට එක් නොවීම සම්බන්ධයෙන් පල වන මාධ්‍ය වාර්තා පිළිබද පැහැදිලි කිරීමක් සිදු කරමිනුයි ක්‍රිකට් ආයතනය ඒ බව නිවේදනය කළේ.

ජාතික කණ්ඩායම්වල සමස්ත ක්‍රිකට් අංගය භාරව කටයුතු කිරීම මෙන්ම ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ කළමනාකරණ කණ්ඩායම් සඳහා හා ක්‍රීඩකයින් සදහා උපාය මාර්ගික සහය ලබා දීම  ‘උපදේශක පුහුණුකරු’ ලෙස ඔහුගේ කාර්යය භාරය බව ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

ඒ අනුව ඔහු පුහුණුකරණය සහ ක්‍රීඩක සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් කටයුතු කිරීම, දේශීය ක්‍රිකට් ව්‍යුහය ශක්තිමත් කිරීම, වයස අවුරුදු 19 න් පහළ, සංවර්ධන සහ ජාතික කණ්ඩායම් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම වැනි කාර්යයන් සිදු කරනවා.

මහේල ජයවර්ධන ජාතික කණ්ඩායම සමඟ සංචාර සදහා එක්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය ඔහුට එසේ කිරීමට අවශ්‍ය යැයි තීරණය කළහොත් පමණක් බව ද ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සේවය කිරීම වෙනුවෙන‍්, විදෙස් පුහුණුකරු ධූරයකට ලද යෝජනාවක් ද ප්‍රතික්ෂේප කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...