LPL 2023 අදියර පැවැත්වෙන දින නිවේදනය කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර ජූලි හා අගෝස්තු මාසවලදී පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව තරගාවලිය ජූලි 31 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවරත් කණ්ඩායම් පහක් ක්‍රීඩා කරන තරගාවලිය ක්‍රීඩාංගන 3කදී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේ සිට එය ජූලි- අගෝස්තු මාසවලදී පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද විවිධ හේතූන් මත තරගාවලියේ පළමු අදියර තුනම පැවැත්වීමට සිදු වූයේ නොවැම්බර් – දෙසැම්බර් මාසවලදීයි.

“අපි මේ වසරේ දී තරගාවලිය ජූලි – අගෝස්තු මාසවලදී පැවැත්වීමට තීරණය කළා. ඒ, මෙම කාල සීමාව තුළ තරඟාවලිය පැවැත්වීමෙන් ප්‍රබල ජාත්‍යන්තර ක්‍රීඩකයින් ආකර්ශනය කර ගැනීමට අපට හොඳම අවස්ථාව ලැබෙන බැවින්. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහනට ද හොඳින් ගැලපෙනවා.” යනුවෙන් තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල මහතා සදහන් කළා.

LPL තරගාවලියේ පළමු අදියර තුනේම ශූරතාවය දිනා ගැනීමට සමත් වුණේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි. පළමු අදියර දෙකේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමත්, තෙවැනි අදියරේ දී කලම්බු ස්ටාර්ස් කණ්ඩායමත් අනුශූරතාවය දිනා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...