කෝටි හතේ කාණ්ඩයට ජඩේජාත් එක් වෙයි ; නවතම ඉන්දීය ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් මෙන්න

Date:

ඉදිරි වසර සදහා වන ක්‍රීඩක මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව එහි ඉහළම කාණ්ඩය වන A+ කාණ්ඩය වෙත උසස් වීමක් ලැබීමට ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා සමත්ව තිබීම විශේෂත්වයක්.

A+ කාණ්ඩයට ඇතුළත් සෙසු ක්‍රීඩකයින් වන්නේ නායක රෝහිත් ෂර්මා, විරාට් කෝලි හා ජස්ප්‍රිට් බුම්රා.

අදාළ කොන්ත්‍රාත් ගිවිසුමට අනුව ඔවුන් වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 7ක මුදලක් උපයනු ඇති.

මේ අතර, තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යාට C කාණ්ඩයේ සිට A ඛාණ්ඩය දක්වා උසස් වීමක් ලබා දී ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

එමෙන්ම සූර්යකුමාර් යාදව් හා ෂුබ්මන් ගිල් C කාණ්ඩයේ සිට B කාණ්ඩය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

අර්ෂ්දීප් සිං හා කේ එස් භාරත්ට පළමු වරට කොන්ත්‍රාත් ලබා දීමට පියවර ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනාට C කාණ්ඩයේ කොන්ත්‍රාත්තුවක් හිමිව තිබෙනවා.

ව්රිධිමන් සහා, හනුමා විහාරි, මයාන්ක් අගාර්වල්, බුවනේෂ්වර් කුමාර් හා දීපක් චහාර් යන ක්‍රීඩකයින්ට මෙවර කොන්ත්‍රාත් ගිවිසුම් හිමි වී නැහැ.

චෙටස්වර් පුජාරා සිය B කාණ්ඩයේ කොන්ත්‍රාත්තුව රැක ගෙන ඇති නමුත්, අජින්කෙයා රහානේට හා ඉෂාන්ට් ෂර්මාට කොන්ත්‍රාත් ගිවිසුම් අහිමි වී තිබෙනවා.

පසුගිය වසරේ දී කොන්ත්‍රාත් ගිවිසුම් අහිමි වූ කුල්දීප් යාදව්ට මෙවර C කාණ්ඩයේ කොන්ත්‍රාත් ගිවිසුමක් යළි ලබා දී ඇති අතර, කේ එල් රාහුල් A කාණ්ඩයේ සිට B කාණ්ඩය දක්වා පහතට වැටී තිබෙනවා.

ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් හිමි වී ඇති අයුරු –

  • Grade A+: Rohit Sharma, Virat Kohli, Jasprit Bumrah, Ravindra Jadeja
  • Grade A: Hardik Pandya, Ravichandran Ashwin, Mohammad Shami, Rishabh Pant, Axar Patel
  • Grade B: Cheteshwar Pujara, KL Rahul, Shreyas Iyer, Mohammed Siraj, Suryakumar Yadav, Shubman Gill
  • Grade C: Umesh Yadav, Shikhar Dhawan, Shardul Thakur, Ishan Kishan, Deepak Hooda, Yuzvendra Chahal, Kuldeep Yadav, Sanju Samson, Washington Sundar, Arshdeep Singh, KS Bharat

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...