ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අවලංගු වීම නිසා අයර්ලන්තය සිය තීරණයක් වෙනස් කරයි

Date:

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් අයර්ලන්ත නායක ඇන්ඩි බල්බර්නි විවේක ගන්වා තිබෙනවා.

ඒ අනුව නිත්‍ය උප නායක පෝල් ස්ටර්ලින්ග් මෙම තරගාවලියේ දී කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි. නව උප නායකයා ලෙස පත් කර ඇත්තේ ලෝර්කන් ටකර්.

ලබන මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියෙන් ඇන්ඩි බල්බර්නි විවේක ගැන්වීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, එම එක්දින තරගාවලිය අවලංගු කරමින් ශ්‍රී ලංකා සංචාරයට යෙදී තිබූ එක් ටෙස්ට් තරගය වෙනුවට ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට ගෙන ඇති තීරණයත් සමග ඔහුට මෙම 20යි 20 තරගාවලියේ දී විවේකයක් ලබා දීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

පෝල් ස්ටර්ලින්ග් මීට පෙර අයර්ලන්ත කණ්ඩායම 20යි 20 තරග 6 කදී මෙහෙයවා ඇති අතර, 2019 වසරේ දී එම සියලු තරග ක්‍රීඩා කර තිබුණා.

ඉන් තරග 2 ක් අයර්ලන්තය ජය ගත් අතර, තරග 4 ක් පරාජයට පත් වුණා.

මේ වන විට ක්‍රියාත්මක බංග්ලාදේශ තරග සංචාරය අයර්ලන්ත කණ්ඩායමට ඉතා දුෂ්කර සංචාරයක් බවට පත්ව ඇති අතර, දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ඔවුන් පරාජයට පත් වුණා. පළමු එක්දින තරගයේ දී බංග්ලාදේශය ලකුණු පරතරය අතින් එක්දින ඉතිහාසයේ ඔවුන් ලැබූ ඉහළම ජයග්‍රහනය වාර්තා කළ අතර, තෙවැනි එක්දින තරගයේ දී බංග්ලාදේශය කඩුලු 10 ක ජයක් වාර්තා කළේ එවැනි ජයක් සිය එක්දින ඉතිහාසයේ වාර්තා කළ පළමු අවස්ථාව බවට පත් කර ගනිමින්.

වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වූ දෙවැනි එක්දින තරගයේ දී බංග්ලාදේශය එක්දින ඉතිහාසයේ දී තමන් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට ද සමත් වුණා.

දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය අද (27) ආරම්භ වන අතර, දෙවැනි තරගය 29 වැනිදා ද, තෙවැනි තරගය 31 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...