ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකුට අයි.පී.එල් තරග රැසක් අහිමි වන ලකුණු

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පිතිකරු රාජත් පටිදර්ට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග රැසක් අහිමි වනු ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධ තත්ත්වයක් හේතුවෙන් එලෙස ඔහුට අයි.පී.එල් තරගාවලියේ පළමු අර්ධය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව සදහන්.

ඔහු මේ වන විට බංගලූරුහි පිහිටි ජාතික ක්‍රිකට් ආකඩමියේ දී සිය ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සදහා අවශ්‍ය පුනරුත්තාපන කටයුතුවල නිරත වෙමින් සිටිනවා.

පටිදර්ට ඉදිරි සති තුනක කාලයක් විවේක ගන්නා ලෙසට දැනුම් දී ඇති අතර, අනතුරුව සිදු කරන වෛද්‍ය පරීක්ෂණයකින් ඔහුගේ ආබාධය පිළිබද තක්සේරු කිරීමක් සිදු කර ගැටලුවක් නොමැතිනම් පමණක් ඔහුට අයි.පී.එල් තරගාවලියට සම්බන්ධ වීමට අවසර හිමි වනු ඇති.

මේ අතර, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක මුකේෂ් චෞද්‍රිට ද මෙවර අයි.පී.එල් තරගාවලියේ පළමු තරග කිහිපය අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ, ඔහුගේ පිට කොන්දේ ආබාධයක් මෙතෙක් සම්පූර්ණයෙන් සුව වී නොමැති බැවින්. ඔහු ද මේ වන විට ජාතික ක්‍රිකට් ඇකඩමියේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...