පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

Date:

නවසීලන්තය සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 198 ක අන්ත පරාජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(25) සිදු වුණා.

පිතිකරුවන්ට යෝග්‍ය වූ ඔක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් තණතීරුව තුළ ලකුණු 275 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ දී නවසීලන්ත පන්දු යැවීමේ බලඇණිය හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 76 ක් පමණයි.

පන්දුවාර 19.5 ක් පමණක් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ඉනිම සම්පූර්ණයෙන් වනසා දැමූ හෙන්රි ශිප්ලි ලකුණු 31 කට කඩුලු 5 ක් දවා ගත්තා. ඩැරල් මිචෙල් හා බ්ලයාර් ටික්නර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 18 ක් වාර්තා කළ අතර, චාමික කරුණාරත්න ලකුණු 11 යි. ලහිරු කුමාර ලකුණු 10 ක් රැස් කළ අතර, වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ඉනිම පන්දුවාර 49.3 කට සීමා කරමින් සියලු පිතිකරුවන් ලකුණු 274 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු ශ්‍රී ලංකාවට හිමි කරමින්.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ෆින් ඇලන්. ඔහු පන්දු 49 කින් ලකුණු 51 ක් රැස් කළා. මංගල එක්දින තරගය ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු චැඩ් බොවුස් ලකුණු 14 කට දැවී ගියා. ඩැරල් මිචෙල් ලකුණු 47 ක් ලබා ගත් අතර, ග්ලේන් පිලිප්ස් ලකුණු 39 යි. මංගල එක්දින තරගය ක්‍රීඩා කළ රචින් රවීන්ද්‍ර ලකුණු 49 ක් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 43 කට කඩුලු 4 ක් දවා ගත්තා. කසුන් රාජිත හා ලහිරු කුමාර කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...