Watch : චාමිකගේ කඩුලු 4 හමුවේ නවසීලන්තය 274 කට සීමා වෙයි

Date:

නවසීලන්තය සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 275 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, ඔක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 274 කට සීමා වීම හේතුවෙන්.

පන්දුවාර 49.3 කට සීමා වූ නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ෆින් ඇලන්. ඔහු පන්දු 49 කින් ලකුණු 51 ක් රැස් කළා. මංගල එක්දින තරගය ක්‍රීඩා කරන ආරම්භක පිතිකරු චැඩ් බොවුස් ලකුණු 14 කට දැවී ගියා.

විල් යන්ග් ලකුණු 26 කටත්, ඩැරල් මිචෙල් ලකුණු 47 කටත් දැවී ගියා. නායක ටොම් ලේතම් ලකුණු 5 යි.

ග්ලේන් පිලිප්ස් ලකුණු 39 ක් රැස් කළ අතර, මංගල එක්දින තරගය ක්‍රීඩා කරන රචින් රවීන්ද්‍ර ලකුණු 49 ක් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 43 කට කඩුලු 4 ක් දවා ගත්තා. කසුන් රාජිත හා ලහිරු කුමාර කඩුලු 2 බැගින් බිද හෙලුවා.

චාමික දවා ගත් කඩුලු හතරේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...