බංග්ලාදේශ 20යි 20 සංචිතයට වෙනස්කම් 3 ක්

Date:

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති Rishad Hossain හා Jaker Ali පළමු වරට ජාතික සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

20යි 20 තරගාවලිය මාර්තු 27 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, තරගාවලිය සදහා ශොරිෆුල් ඉස්ලාම් යළි කැදවීමට ද පියවර ගෙන තිබෙනවා.

එංගලන්ත කණ්ඩායම තරග 3-0 ක් ලෙස පරාජයට පත් කළ බංග්ලාදේශ සංචිතය හා සැසදීමේ දී මෙම සංචිතයට සිදු කර ඇති වෙනස්කම් ගණන 3ක්.

අෆිෆ් හොසෙයින්, තන්වීර් ඉස්ලාම් හා රෙජයුර් රහ්මාන් රාජා සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

20යි 20 තරග තුන පිළිවෙලින් මාර්තු 27, 29 හා 31 යන දිනවලදී Chattogram හී දී පැවැත්වීමට නියමිතයි.

Bangladesh T20I squad :

Shakib Al Hasan (capt), Litton Das (wk), Rony Talukdar, Najmul Hossain Shanto, Towhid Hridoy, Shamim Hossain, Mehidy Hasan Miraz, Nasum Ahmed, Mustafizur Rahman, Hasan Mahmud, Taskin Ahmed, Shoriful Islam, Rishad Hossain, Jaker Ali

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...