ටෙක්සාස් සුපර් කිංග්ස් කණ්ඩායම් පුහුණුකරු නිවේදනය කෙරේ

Date:

අමෙරිකාවේ පැවැත්වීමට නියමිත Major League Cricket (MLC) තරගාවලියට ක්‍රීඩා කරන, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය සමග හවුල්කාරීත්වයක් සහිත Texas Super Kings කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ස්ටීවන් ෆ්ලෙමින්ග් පත් කර තිබෙනවා.

ෆ්ලෙමින්ග් චෙන්නායි කණ්ඩායම සමග වසර ගණනාවක සිට පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන අතර, අයි.පී.එල් ශූරතා 4 ක් ද ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ චෙන්නායි කණ්ඩායම ජය ගනු ලැබුවා.

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 තරගාවලියට එක්වන ජෝබර්ග් සුපර් කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ද ඔහුයි.

සුපර් කිංග්ස් කණ්ඩායමට අමතරව, කොල්කටා නයිට් රයිඩර්ස්, දිල්ලි කැපිටල්ස් හා මුම්බායි ඉන්දියන්ස් යන අයි.පී.එල් කණ්ඩායම් විසින් ද Major League Cricket තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල හිමිකාරීත්වය සමග හවුල්කාරීත්වයක් ගොඩනගා ගෙන තිබෙනවා.

San Francisco Unicorns, Los Angeles Knight Riders, MI New York, Seattle Orcas, Texas Super Kings හා Washington DC යන කණ්ඩායම් 6 මෙම තරගාවලියට ක්‍රීඩා කරන අතර, තරගාවලිය ජූලි 13 වැනිදා සිට 30 වැනිදා දක්වා ටෙක්සාස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී හී දී පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් සදහා අමෙරිකානු ක්‍රීඩකයින් මිලදී ගැනීමේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම(Draft) පසුගියදා පැවැති අතර, එහිදී සෑම කණ්ඩායමක් විසින්ම ක්‍රීඩකයින් 9 දෙනෙකු බැගින් සිය කණ්ඩායම් වෙත තෝරා ගනු ලැබුවා.

දේශීය ක්‍රීඩකයින්ට අමතරව තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පිළිබද තොරතුරු ද අනාවරණය කෙරුණු අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ වනිදු හසරංග Washington (DC) Freedom කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

මේ වන විට අමෙරිකාවට සංක්‍රමණය වී සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන ශෙහාන් ජයසූරිය හා ඇන්ජෙලෝ පෙරේරා Seattle Orcas කණ්ඩායම විසින් සිය සංචිතය සදහා තෝරා ගත් අතර, ලහිරු මිලන්ත ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ටෙක්සාස් කණ්ඩායම සදහායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...