පහසු ස්ටම්ප් කිරීමක් ගිලිහී යාමෙන් සර්ෆ්‍රාස් යළි විවේචනයට

Date:

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සර්ෆ්‍රාස් අහ්මඩ්ට ඊයේ කලකට පසුව යළි ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වුණා.

ඒ, එංගලන්තය සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 තරගයේ දී යි.

ඔහු ජාත්‍යන්තර තරගයක් සදහා මෙලෙස ක්‍රීඩා කළේ වසරකට පමණ පසුව වීම විශේෂත්වයක්.

අවසන් වරට සර්ෆ්‍රාස් අහ්මඩ් 20යි 20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර තිබුණේ පසුගිය වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති 20යි 20 තරගාවලියේ දී යි.

එම තරගාවලියේ දී ඔහු කණ්ඩායමේ නායකත්වය ද දැරූ නමුත්, තරගාවලියෙන් නවක ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පාකිස්තානය තරග 0-3ක පරාජයක් ලැබුවා.

අනතුරුව ඔහුට කණ්ඩායමේ නායකත්වය පමණක් නොව ස්ථානය ද අහිමි වීම විශේෂත්වයක්.

ඊයේ දිනයේ දී සර්ෆ්‍රාස් අහ්මඩ් යළි ජාත්‍යන්තර පිටියට පිවිසිය ද ඔහුට පිතිකරණයේ නිරත වීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

කෙසේ වෙතත්, පාකිස්තානය පන්දු යැවීමේ දී කඩුලු රැකීමේ වගකීම සුපුරුදු පරිදි හිමිවූයේ ඔහුටයි.

එහිදී ඔහු අතින් සිදු වූ බරපතල අත්වැරදීමක් කෙරෙහි මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී තිබෙනවා.

එමෙන්ම බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුව විවේචනයට ද ලක් කරනු දක්නට ලැබෙනවා.

ඒ, මොයීන් අලී ස්ටම්ප් කිරීමකට හසු කර ගැනීමට තිබූ පහසු අවස්ථාවක් ඔහු අතින් ගිලිහී යාම හේතුවෙන්.

ඊට අදාළ දර්ශන පහතින් නරඹන්න –


Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...