වාර්තාගත හඹා යාමකින් දකුණු අප්‍රිකාව තරගාවලිය සම කරයි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(21) සමත් වුණා.

Potchefstroom හි පැවැති තරගය ජය ගැනීම සදහා දකුණු අප්‍රිකාවට ලකුණු 261 ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පන්දුවාර 29.3 ක් පමණක් අවසානයේ දී කඩුලු 6 ක් දැවී සිටියදී පසු කර යාමට සමත් වුණා.්‍

ඒ, හෙන්රික් ක්ලාසෙන් පන්දු 61 කින් නොදැවී වාර්තා කළ ලකුණු 119 න් ශක්තිමත් වෙමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 15 ක් ඇතුළත්. ක්ලාසෙන් සිය අර්ධ ශතකය පන්දු 30 කින් ද, ශතකය පන්දු 54 කින් ද වාර්තා කළා.

ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 142 දී බිද වැටීමෙන් අනතුරුව 6 වැනි කඩුල්ල සදහා මාර්කෝ ජන්සෙන් සමග ලකුණු 103 (62) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට හෙන්රික් ක්ලාසෙන් සමත් වුණා. ජන්සෙන් ලකුණූ 43(33) යි.

ලකුණු 250 ක් හෝ ඊට වැඩි ලකුණු ප්‍රමාණයක් ජාත්‍යන්තර එක්දින තරගයකදී පන්දුවාර 30 කට අඩු පන්දුවාර සංඛ්‍යාවකදී මීට පෙර කිසිදු කණ්ඩායමක් විසින් සාර්ථකව හඹා ගොස් තිබුණේ නැහැ.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් ලකුණු 50 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අකීල් හොසෙයින් ලකුණු 49 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 260 ක් වාර්තා කළේ පන්දුවාර 48.2 ක් තුළදීයි.

බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 72 ක්, නිකලස් පූරාන් ලකුණු 39 ක් හා ජේසන් හෝල්ඩර් ලකුණු 36 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන්, Gerald Coetzee හා Bjorn Fortuin කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු අතර, දෙවැනි එක්දින තරගයෙන් කොදෙව්වන් ලකුණු 48 ක ජයක් වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...