මොයීන් අලීට නායකත්වයේ වගකීමක්

Date:

එළඹෙන T20 Blast (එංගලන්ත ප්‍රාන්ත 20යි 20 තරගාවලිය) තරග වාරයේ දී Warwickshire කණ්ඩායමේ නායකත්වයට තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී පත් කර තිබෙනවා.

Worcestershire කණ්ඩායම වෙනුවෙන් වසර 16 ක කාලයක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ඔහු යළි Warwickshire කණ්ඩායම සමග යළි ගිවිසුම්ගත වීමෙන් අනතුරුවයි මෙලෙස ඔහුව එම කණ්ඩායමේ නායකත්වයට ද පත් කර ඇත්තේ.

මොයීන් අලී 2006 වසරේ දී Warwickshire කණ්ඩායමෙන් ඉවත් වූ අතර, පසුගිය වසරේ දී යළිත් ඔහු එම කණ්ඩායම සමග එක් වූයේ වසර 3ක කාලයක් සදහා සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කිරීම වෙනුවෙන් ගිවිසුම්ගත වෙමින්.

ඔහු මීට පෙර Worcestershire හා Birmingham Phoenix කණ්ඩායම්වල ද නායකත්වය දරා තිබෙනවා. එමෙන්ම එක්දින තරගයකදී හා 20යි 20 තරග 11 කදී ඔහු එංගලන්ත කණ්ඩායම ද මෙහෙයවා තිබෙනවා.

මොයීන් අලී මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන බැවින් ඔහුට T20 Blast තරගාවලියේ පළමු තරග කිහිපය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති.

එම තරගවලදී කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස නිත්‍ය උප නායක Alex Davies කටයුතු කිරීමට නියමිතයි.

මේ අතර, ආබාධයකට ලක් වීම හේතුවෙන් T20 Blast තරගාවලියේ පළමු තරග කිහිපය ක්‍රීඩා කිරීමේ අවස්ථාව සරේ කණ්ඩායමේ ටොම් කරන්ට ද අහිමි වනු ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...