ලන්ඩන් ස්පිරිට් නායකත්වය ලෝරන්ස්ට

Date:

එංගලන්තයේ පැවැත්වෙන “The Hundred” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන London Spirit කණ්ඩායමේ නායකයා ලෙස ඩෑන් ලෝරන්ස් පත් කර තිබෙනවා. ඒ, ක්‍රිකට් පිටියෙන් සමු ගත් ඔයින් මෝර්ගන් වෙනුවටයි.

25 හැවිරිදි ලෝරන්ස් වෘත්තීමය 20යි 20 ක්‍රිකට් පිටියේ දී කිසිදු කණ්ඩායමක මෙතෙක් නායකත්වය දරා නොමැති පසුබිමකයි ඔහුව මෙලෙස නායකත්වයට පත් කර ඇත්තේ.

හන්ඩ්‍රඩ් තරගාවලියේ පළමු අදියර දෙකේ දී ඔහු තරග 9කදී ලන්ඩන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබුණා. එහිදී ලකුණු 135 ක් වාර්තා කළ ලෝරන්ස් බිද හෙලූ කඩුලු ගණන 5 ක්.

ඩෑන් ලෝරන්ස් 2023 තරග වාරය සදහා ලන්ඩන් කණ්ඩායම විසින් සිය සංචිතයේ රදවා ගැනීමට තීරණය කළේ පවුම් 75,000 ක් වටිනා ගිවිසුමක් යටතේයි.

නායකත්වයට පත් වීමත් සමග ඔහුට පවුම් 10,000 ක දීමනාවක් ලැබීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...