WPL අවසන් වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 3 මෙන්න

Date:

මෙවර කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට (playoffs) සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාන්තා කණ්ඩායමට හා ගුජරාට් ජයන්ට්ස් කාන්තා කණ්ඩායමට සිදුව තිබෙනවා.

ඊයේ පැවැති තරගාවලියේ 17 වැනි තරගයෙන් යූපී වොරියර්ස් කණ්ඩායම හමුවේ ගුජරාට් කණ්ඩායම කඩුලු 3 කින් පරාජයට පත් වීමත් සමගයි එම කණ්ඩායම් දෙකට ප්‍රසද ලකුණු සටහනේ පළමු ස්ථාන තුන හිමි කර ගැනීමේ අවස්ථාව අහිමි වුණේ.

ඒ අනුව මේ වන විට තරග 7 කින් තරග 5 බැගින් ජය ගෙන ඇති දිල්ලි කැපිටල්ස් හා මුබ්බායි ඉන්දියන්ස් කණ්ඩායම් මෙන්ම තරග 7 කින් තරග 4 ක් ජය ගත් යූපී වොරියර්ස් කණ්ඩායම අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

තරගාවලියේ 18 වැනි තරගය ද ඊයේ පැවැති අතර, එම තරගයෙන් මුම්බායි පිල පරදා දිල්ලි කණ්ඩායම කඩුලු 9 ක ජයක් වාර්තා කළා.

තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙන අවසන් දිනය අද වන අතර, එහිදී බැංගලෝර් කණ්ඩායම මුම්බායි කණ්ඩායමට එරෙහිව ද, වොරියර්ස් කණ්ඩායම දිල්ලි කන්ඩායමට එරෙහිව ද තරග වැදීමට නියමිතයි.

අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි හා තෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙක Eliminator තරගය සදහා එළඹෙන සිකුරාදා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඉන් ජය ගන්නා කණ්ඩායම සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගන්නා කණ්ඩායම අවසන් මහා තරගය සදහා එළඹෙන ඉරිදා ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...