චන්දිමාල්ගේ හා ධනංජයගේ සටන පසෙකලා නවසීලන්තය ජයග්‍රහනයට ළගා වෙයි

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද (20) වෙලින්ටන් හි Basin Reserve ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ වන විට අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ද ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 113 ක් ලබා සිටි අතර, දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ඔවුන් කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 249 ක්.

අද දිනයේ දී දිවා ආහාරය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 136 ක් රැස් කිරීමට සමත් වුණා.

දිනය ආරම්භ කරන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 50 ක් හා ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 40 කින් එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටි නමුත්, මෙන්ඩිස්ට අද දිනයේ දී කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. දිනයේ පළමු පන්දුවාරයෙන්ම මැට් හෙන්රි යොමු කළ කෙටි පන්දුවක් හමුවේ කේන් විලියම්සන් අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු දැවී ගියා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 2 ක් ලබා සිටියදී දැවී ගියේ බ්ලයාර් ටික්නර් යොමු කළ කෙටි පන්දුවක් හමුවේ මයිකල් බ්‍රේස්වෙල් වෙත උඩ පන්දුවක් ලබා දීමෙනුයි.

අනතුරුව දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා අතර 5 වැනි කඩුල්ල සදහා ලකුණු 126 (181) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

චන්දිමාල් පන්දු 92 කින් ලකුණු 62 ක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ, හතරේ පහර 8 ක් ද සමගින්. බ්ලයාර් ටික්නර් යොමු කළ කෙටි පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ ඩග් බ්‍රේස්වෙල් රැකගත් උඩ පන්දුවක් හේතුවෙන්.

ධනංජය ද සිල්වා පන්දු 99 කින් ලකුණු 63 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, නිශාන් මදුෂ්ක නොදැවී ලකුණු 6යි. දිවා ආහාරයට පෙර යොමු කෙරුණු අවසන් පන්දුවාරයේ දී හයේ පහරක් එල්ල කරමින් ඔහු එම ලකුණු 6 රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ඕෂද ප්‍රනාන්දු ලකුණු 5 කට දැවී ගිය අතර, නායක දිමුත් කරුණාරත්න රැස් කළ ලකුණු සංඛ්‍යාව 51 ක්.

පන්දු යැවීමේ දී නවසීලන්තය වෙනුවෙන් මේ වන විට බ්ලයාර් ටික්නර් කඩුලු 2 ක් ද, ටිම් සවුති, මැට් හෙන්රි හා ඩග් බ්‍රේස්වෙල් එක් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා තවත් ලකුණු 167 ක් ලබා ගත යුතුයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළේ ලකුණු 164 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...