ඉන්දියාවට හා බංග්ලාදේශයට එරෙහි තරග කාලසටහන් අයර්ලන්තය නිවේදනය කරයි

Date:

අගෝස්තු මාසයේ දී ඉන්දියාව සමග සිය රටේ දී තම කණ්ඩායම 20යි 20 තරග 3 ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව අයර්ලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

අගෝස්තු 18 වැනිදා සිට 23 වැනිදා දක්වා මෙම 20යි 20 තරගාවලිය Malahide හී දී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත්, ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ බංග්ලාදේශයට එරෙහිව අයර්ලන්තය ක්‍රීඩා කරන අවසන් එක්දින තරගාවලිය එංගලන්තයේ චෙල්ම්ස්ෆොර්ඩ් හී දී පැවැත්වීමට තීරණය කර ඇති බවයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අයර්ලන්තයේ Dublin හෝ Belfast ප්‍රදේශවලට වඩා එංගලන්තයේ කාළගුණය අදාළ කාලයේ දී යපහත් වනු ඇති බවට අනුමාන කරමින් අයර්ලන්ත ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබෙනවා.

වර්ෂාවෙන් බාධාවක් එල්ල නොවී සම්පූර්ණ එක්දින තරග 3 ක් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමේ අරමුණිනුයි ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ.

සෙසු රටවල් ක්‍රීඩා කරන තරගාවලියන්හි ප්‍රතිපල අයර්ලන්තයට වාසි සහගත ලෙස නිමා වුවහොත් බංග්ලාදේශයට එරෙහිව තරග 3-0 ක් ලෙස එක්දින තරගාවලිය ජය ගනිමින් 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමට අයර්ලන්තයට හැකි වනු ඇති.

මැයි 9, 12 හා 14 වැනිදා එංගලන්තයේ චෙල්ම්ස්ෆොර්ඩ් හී දී අයර්ලන්ත – බංග්ලාදේශ තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

අයර්ලන්ත කණ්ඩායම මේ වන විට බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින්නේ එක්දින තරග 3 ක්, 20යි 20 තරග 3ක් හා ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීම සදහායි.

අනතුරුව ඔවුන් තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

ජූනි පළමු වැනිදා සිට 4 වැනිදා දක්වා අයර්ලන්තය හා එංගලන්තය අතර ටෙස්ට් තරගයක් ද ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම සැප්තැම්බර් 20 වැනිදා සිට 26 වැනිදා දක්වා එංගලන්තයේ දී තරග 3කින් යුත් එක්දින තරගාවලියක් සදහා ද අයර්ලන්තය ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...