චෙන්නායි ක්‍රීඩකයින්ට කොරෝනා නොමැති බව තහවුරු වෙයි

Date:

කොරෝනා වෛරසයට ගොදුරු වූ බවට තහවුරු වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 13 දෙනා හැර චෙන්නායි කණ්ඩායමේ සෙසු සියලු දෙනාට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත්, තරගාවලියේ කටයුතු සදහා සාමාන්‍ය අයුරින් ඔවුන්ට එක්වීමටනම් ඉදිරියේ දී තවත් වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී සෘණාත්මක ප්‍රතිපලයක් ලබා ගත යුතුයි.

ඒ අනුව සියලු දෙනා අනිද්දා(3) දිනයේ දී යළිත් වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු වීමට නියමිතයි.

එහිදී ද වෛරසය ශරීරගත වී නොමැති බවට තහවුරු වුවහොත් ලබන 4 වනදා සිට ඔවුන්ට පුහුණුවීම් කටයුතු ආරම්භ කළ හැකියි.

කෙසේ වෙතත්, මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ ක්‍රීඩකයින් දෙදෙනාට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 11 දෙනාට සති දෙකක කාලයක් නිරෝධායනයට ලක්වීමට සිදුවනවා.

අනතුරුව වෛද්‍ය පරීක්ෂණ දෙකකින් සෘණාත්මක ප්‍රතිපල ද ලබා ගතහොත් පමණක් ඔවුන්ට තරගාවලියේ කටයුතු සමග සාමාන්‍ය පරිදි එක් විය හැකියි.

මෙවර අයි.පී.එල් තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් අතරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මෙතෙක් පුහුණුවීම් ආරම්භ නොකළ එකම කණ්ඩායම වන්නේ චෙන්නායි කණ්ඩායමයි.

අයි.පී.එල් තරගාවලිය ලබන 19 වනදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...