“මගේ පවුලට සිදු වූ දේ ඉතා බිහිසුණුයි” – රයිනාගේ ඥාති සහෝදරයාත් මරුට

Date:

තම පවුලට බිහිසුණු අත්දැකීමකට මුහුණ දීමට සිදු වූ බව ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මුල්පෙල පිතිකරු සුරේෂ් රයිනා පවසනවා.

ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඩුබායි වෙත ගොස් සිටි රයිනා පසුගියදා තරගාවලියෙන් ඉවත් වී යළි සියරට බලා පැමිණියා.

චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි සහ සුරේෂ් රයිනා අතර ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් ඔහු මෙලෙස තරගාවලියෙන් ඉවත් වන්නට ඇති බවටයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

එමෙන්ම ඔහුගේ මාමා ඝාතනයට ලක්ව ඇති බවත්, එය ද මෙම තීරණය සදහා හේතු වන්නට ඇති බවටත් අප ද ඔබට මීට පෙර තොරතුරු වාර්තා කළා.

“පන්ජාබයේ මගේ පවුලට සිදුවූ දෙය ඉතා බිහිසුණු දෙයක්. මගේ මාමා ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනාට තියුණු ආයුධවලින් පහරදීලා.  මගේ මාමා මියගියා. මගේ නැන්දා සහ ඥාති සහෝදරවරුන් දෙදෙනා බරපතල තුවාල ලැබුවා. අවාසනාවට මගේ ඥාති සහෝදරයාත් ඊයේ රාත්‍රියේ මියගියා. මගේ නැන්දාගේ තත්ත්වයත් තවමත් බරපතලයි. ඇයව ජීවිතාරක්ෂක ආධාරක යන්ත්‍රයකට සම්බන්ධ කරලා තියෙන්නේ.”

යනුවෙන් සුරේෂ් රයිනා තම පවුලට සිදුවූ අභාග්‍ය සම්පන්න සිදුවීම සම්බන්ධයෙන් අද(1) සිය ට්විටර් ගිණුමේ සටහන් තබමින් අදහස් පල කළා.

“එදින රාත්‍රියේ හරියටම සිදුවූයේ කුමක්ද සහ මෙය කළේ කවුරුන්ද කියල අපි දන්නේ නැහැ. මේ පිළිබඳව සොයා බලන ලෙස මම පන්ජාබ් පොලිසියෙන් ඉල්ලා සිටිනවා. ඔවුන්ට මෙම කුරිරු ක්‍රියාව කළේ කවුරුන්ද යන්න දැන ගැනීමට හෝ අපිට අයිතියක් තියෙනවා. එම අපරාධකරුවන්ට තවත් අපරාධ කිරීමට ඉඩ නොදිය යුතුයි”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...