දකුණු අප්‍රිකා ක්‍රිකට් සභාපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම කල් යයි

Date:

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂික මහා සභා රැස්වීම කල් දැමීමට තීරණය කර තිබෙනවා.

එළඹෙන 5 වනදා එය පැවැත්වීමට නියමිතව තිබූ අතර, එහිදී ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ද සිදු කිරිමට නියමිතව තිබුණා.

ක්‍රිකට් බළධාරීන් විසින් එරට ක්‍රීඩා අමාත්‍යවරයා හමු වී සිදු කළ සාකච්ඡාවකින් පසුව මහා සභා රැස්වීම කල් දමා ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රිකට් ආයතනයේ පාලන ආකෘතියේ සමාලෝචනයක් සිදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් මහා සභා රැස්වීම කල් දමා ඇති බව සදහන්.

මහා සභා රැස්වීම පැවැත්වීම සදහා වන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

සභාපතිධූරයට අමතරව එහිදී තවත් මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ද පත් කර ගැනීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරයේ රැදී සිටි Chris Nenzani සිය ධූරයෙන් ඉවත් වීමට පසුගියදා තීරණය කළ අතර, ඒ අනුව වැඩබලන සභාපතිවරයා ලෙස Beresford Williams මේ වන විට කටයුතු කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...