පොලාඩ් හා කොට්‍රෙල්ගේ දක්ෂතා මුල්තාන් සුල්තාන් අවසන් මහා තරගයට ගෙන යයි

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් වටයේ පළමු තරගයෙන් (Qualifier) ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම පරදා ලකුණු 84 ක ජයක් වාර්තා කරමින්.

ලාහෝර් හී දී ඊයේ(15) රාත්‍රියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුල්තාන් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 160 ක් ලබා ගත්තා.

කයිරන් පොලාඩ් පන්දු 34 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 57 ක්. හයේ පහර 6කින් හා හතරේ පහරකින් ඔහුගේ වේගවත් ඉනිම වර්ණවත් වුණා.

මොහමඩ් රිස්වාන් ලකුණු 33ක්, උස්මාන් ඛාන් ලකුණු 29 ක් හා ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 22 ක් රැස් කළා. පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් ලකුණු 34 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලාහෝර් කණ්ඩායමට පන්දුවාර 14.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 76 ක් පමණයි.

සෑම් බිලින්ග්ස් ලකුණු 19 ක් ලබා ගත් අතර, හැරිස් රවුෆ් ලකුණු 15 ක් හා ඩේවිඩ් වීසා ලකුණු 12 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශෙල්ඩන් කොට්‍රෙල් කඩුලු 3 ක් ද, උසාමා මීර් කඩුලු 2 ක් ද බිද හෙලුවා.

මෙම තරගයෙන් පරාජයට පත් වූ ලාහෝර් කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Eliminator 2 තරගය සදහා සුදුසුකම් ලබා ගත්තා.

අවසන් වටයේ දෙවැනි තරගය (Eliminator 1) අද පැවැත්වෙන්නේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම හා භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන පෙෂාවර් සල්මි කණ්ඩායම අතරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...