මුම්බායි අවසන් වටයට සුදුසුකම් ලබයි

Date:

කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයෙන් ගුජරාට් ජයන්ට්ස් කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින් තරගාවලියේ අවසන් වටය (playoffs) සදහා සුදුසුකම් ලබා ගැනීමට මෙතෙක් තරගාවලියේ අපරාජිත කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම සමත් වුණා.

මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ ඊයේ (14) රාත්‍රියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 8 ක් දැවී ලකුණු 162 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායමට කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 107 ක් පමණයි. ඒ අනුව මෙම තරගයෙන් මුම්බායි පිලට ලකුණු 55 ක ජයක් හිමි වුණා.

පන්දු 30 කින් ලකුණු 51 ක් රැස් කළ මුම්බායි නායිකා හර්මන්ප්‍රීට් කෝවුර් තරගයේ වීරවරිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කළ තරග පහම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගෙන සිටින අතර, දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ තරග පහෙන් තරග 4ක් ජය ගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

යූපී වොරියර්ස් කණ්ඩායම තරග 4න් තරග 2ක් ජය ගෙන තෙවැනි ස්ථානයේත්, ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම තරග පහෙන් එක් තරගයක් ජය ගනිමින් සිව්වැනි ස්ථානයේත් රැදී සිටිනවා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කළ තරග පහම පරාජයට පත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...