නවසීලන්ත ටෙස්ට් සංචිතයේ වෙනසක්

Date:

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය වෙනුවෙන් නවසීලන්ත ටෙස්ට් සංචිතය සදහා දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් කැදවා තිබෙනවා.

ආබාධ හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක නෙයිල් වෑග්නර්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වීමත් සමගයි මෙම නම් කිරීම සිදු කර ඇත්තේ.

මේ දිනවල පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී වෑග්නර් පිට කොන්ද ආශ්‍රිත හා පාදයක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට සති 6ක කාලයක් විවේක ගැනීමට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත්, පළමු ටෙස්ට් තරගයේ නවසීලන්ත දෙවැනි ඉනිමේ දී අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඔහු පිතිකරණයේ නිරත වනු ඇති.

මේ අතර, පිතිකරු විල් යන්ග් එරට දේශීය තරග ක්‍රීඩා කිරීම වෙනුවෙන් නවසීලන්ත ටෙස්ට් සංචිතයෙන් අද දිනයේ දී නිදහස් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහු දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර යළි නවසීලන්ත සංචිතය සමග වෙලින්ටන් හී දී එක්වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන සිකුරාදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...