මැතිව්ස් – චන්දිමාල් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ස්ථාවර කරමින් සටනක

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තීරණාත්මක සිව්වැනි දිනය අද(12) ක්‍රයිස්චර්ච්හී දී ආරම්භ වුණා.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 150 ක්.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 83 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය ලකුණු 6 (32) කට දවා ගැනීමට බ්ලෙයාර් ටික්නර් සමත් වුණේ මෙම ඉනිමේ දී බිද දැමූ කඩුලු හතරේම අයිතිකරු බවට ඔහු පත් වෙමින්.

ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 54 (148) ක් හා දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 27 (64) ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 355 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තය ලකුණු 373 ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 132 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...