Watch : කඩුලු සැමරුමක් අතරතුර දරුණු ආබාධයකට ලක් වූ මහරාජ්ට ලෝක කුසලානයත් අහිමි වන ලකුණු

Date:

දකුණු අප්‍රිකා දග පන්දු යවන ක්‍රීඩක කේෂාව් මහරාජ් කඩුලු සැමරුමක් අතරතුර දී ආබාධයකට ලක් තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඊයේ (11) නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කොදෙව් දෙවැනි ඉනිම අතරවාරයේ දී යි ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේ.

කොදෙව් ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 34 දී බිද වැටුණේ ක්යල් මේයර්ස් ලකුණු 7 කට දැවී යාමත් සමගයි. එම කඩුල්ල මහරාජ් විසින් දවා ගත්තේ කඩුල්ල මුවා කිරීමේ වරදට පිතිකරු හසු කරවා ගනිමින්.

කෙසේ වෙතත්, පිටියේ විනිසුරු විසින් මේයර්ස් දැවී ගිය අයෙකු ලෙස නම් නොකළ අතර, විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේයි එම කඩුල්ල හිමි කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණේ.

මේයර්ස් දැවී ගිය පිතිකරුවෙකු බව දැනගත් විගස කඩුල්ල සැමරීමට මහරාජ් ගත් උත්සාහයේ දී ඔහුගේ පාදයක මෙම ආබාධය සිදු වුණා.

ආබාධය හේතුවෙන් ඔහුව පිටියෙන් ඉවතට රැගෙන යාමට සිදු වූයේ ද ආධාරක රථයක් මාර්ගයෙන්.

ඔහු වෛද්‍ය පරීක්ෂණ සදහා ද යොමු කෙරුණු අතර, මාස හයක පමණ කාලයක් ඔහුට ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇති බවටයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව කේශාව් මහරාජ්ට ඉන්දියාවේ දී ලබන ඔක්තෝම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද අහිමි වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...