රිචර්ඩ්සන්ට IPL අහිමි වෙයි ; අලුබදුනත් අහිමි වීමේ අවධානමක්

Date:

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජායි රිචර්ඩ්සන්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, පාදයක ආබාධයක් හේතුවෙන් ඔහු මුහුණ දුන් ශල්‍යකර්මයක් හේතුවෙන්.

අයි.පී.එල් තරගාවලියට අමතරව මෙම වසරේ දී එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ද ඔහුට අහිමි වීමේ අවධානමක් මතුව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මීට පෙර පංජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ රිචර්ඩ්සන් මෙවර අයි.පී.එල් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමටයි නියමිතව සිටියේ.

පාදයේ ආබාධය හේතුවෙන් ඔහුට ඉදිරියේ දී ඉන්දියාවට එරෙහිව ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය ද අහිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...