PSL වේගවත්ම ශතකය රොසෝව් වාර්තා කරද්දී T20 ඉතිහාසයේ දෙවැනි ඉහළම හඹා යාම මුල්තාන් පිලෙන්

Date:

පාකිස්තාන සුපර් ලීග් (PSL) ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කරමින් රයිලි රොසෝව් රැස් කළ ලකුණු 121 හේතුවෙන් 20යි 20 ක්‍රිකට් ඉතිහායේ දෙවැනි ඉහළම සාර්ථක හඹා යාමේ වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 27 වැනි තරගයෙන් පෙෂාවර් සල්මි කණ්ඩායම පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

රාවල්පින්ඩි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පෙෂාවර් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 242 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සුල්තාන්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 5 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6 ක් දැවී සිටියදීයි (244/6).

ලකුණු 240 ක් හෝ ඊට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් වාර්තා කිරීමෙන් පසුව පෙෂාවර් කණ්ඩායම මෙලෙස තරගයක් පරාජයට පත් වූයේ අඛණ්ඩව දෙවැනි තරගයේ දී වීම ද කැපී පෙනෙනවා. තරගාවලියේ 25 වැනි තරගයේ දී ද පෙෂාවර් කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 240 ක් වාර්තා කළ නමුත්, ඔවුන් ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම හමුවේ කඩුලු 8කින් පරාජයට පත් වුණා.

ඊයේ රාත්‍රියේ පැවැති තරගයේ දී පෙෂාවර් කණ්ඩායම වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 73 ක් (පන්දු 39) හා සයිම් අයුබ් ලකුණු 58 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී අබ්බාස් අෆ්රිඩි ලකුණු 39 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ දී මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම වෙනුවෙන් රයිලි රොසෝව් ලකුණු 121 ක් ලබා ගත්තේ පන්දු 51 ක් පමණක් වැය කරමින්. හයේ පහර 8 ක් හා හතරේ පහර 12 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. රොසෝව් සිය ශතකය වාර්තා කළේ පන්දු 41 කින්. මීට පෙර ද පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ වේගවත්ම ශතකය වාර්තා කර තිබුණේ ද ඔහු විසින්. 2020 වසරේ දී පන්දු 43 කින් ශතකයක් වාර්තා කරමින් රොසෝව් එම වාර්තාව පිහිටුවා තිබුණා.

කයිරන් පොලාඩ් පන්දු 25 කින් හයේ පහර 5 ක් හා හතරේ පහර 3 ක් ද සමගින් ලකුණු 52 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමේ වාර්තාගත හඹා යාමට දායකත්වය ලබා දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...