සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.(11)
ජොහැනස්බර්ග් හී දී පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය ඊයේ නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 7 ක් දැවී ලකුණු 287 ක් ලබා ලබා සිටියා.
නායක ටෙම්බා බවුමා ලකුණු 171 ක් නොදැවී ලබා කඩුල්ලේ රැදී සිටින්නේ හතරේ පහර 20 ක් ද සිය ඉනිමට ඇතුළත් කර ගනිමින්. වියාන් මෝල්ඩර් ලකුණු 42 කට දැවී ගියා.
පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් හා ක්යල් මේයර්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 320 ක් රැස් කළා. ඒ, ඒඩ්න් මාක්රම් ලබා ගත් ලකුණු 96 න් හා Tony de Zorzi රැස් කළ ලකුණු 85 න් ශක්තිමත් වෙමින්. පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප්, ක්යල් මේයර්ස් හා Gudakesh Motie කඩුලු 3 බැගින් බිද හෙලුවා.
අනතුරුව පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 251 ක් පමණයි. ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 81 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී Gerald Coetzee කඩුලු 3 ක් බිද හෙලුවා.
මේ වන විට දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 356 ක්.

