ඉන්දියාව පරදා ආසියාවට ලකුණු 9ක ජයක්

Date:

Legends League Cricket Masters (LLC Masters) තරගාවලියේ පළමු තරගයෙන් India Maharajas කණ්ඩායම පරදා ලකුණු 9 ක තියුණු ජයක් වාර්තා කිරීමට Asia Lions කණ්ඩායම ඊයේ(10) රාත්‍රියේ සමත් වුණා.

කටාර් හි දෝහා නුවර West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් Asia Lions කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 165  ක් රැස් කළා.

උපුල් තරංග සමගින් ඉනිම ආරම්භ කළ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 5 කට දැවී ගියා. අස්ගර් ඇෆ්ඝන් එක් ලකුණයි. උපුල් තරංග ලකුණු 40 ක් ද, නායක ශහිඩ් අෆ්රිඩි ලකුණු 12 ක් ද ලබා ගත්තා. තිසර පෙරේරා නොදැවී ලකුණු 5 යි.

හයේ පහර 4 ක් හා හතරේ පහර 2ක් සමගින් මිස්බා උල් හක් පන්දු 50 කින් වේගවත් ලකුණු 73 ක් වාර්තා කරමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ස්ටුවට් බිනී හා පර්වින්ද අවානා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ India Maharajas කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 156 ක් පමණයි.

රොබින් උතාපා ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය අතර, නායක ගෞතම් ගම්භීර් ලකුණු 54 ක් පන්දු 39 කින් වාර්තා කළා. ඒ, හතරේ පහර 7ක් ද සමගින්.

මුරලි විජයි ලකුණු 25 ක් ද, මොහමඩ් කයිෆ් ලකුණු 22 ක් ද, ඉර්ෆාන් පතාන් ලකුණු 19 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී සොහයිල් තන්වීර් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 27 ක් ලබා දෙමින්. තිසර පෙරේරා, ඉසුරු උදාන, තිලකරත්න ඩිල්ෂාන්, අබ්දුල් රසාක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...