ඔස්ට්‍රේලියානු නායකයාගේ මව අභාවප්‍රාප්ත වෙයි

Date:

ඔස්ට්‍රේලියානු ටෙස්ට් නායක පැට් කමින්ස්ගේ මව Maria Cummins අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පිළිකා රෝගී තත්ත්වයකින් පසු වූ ඇය ඊයේ(9) රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වූ බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද දිනයේ දී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කලු පටි පැළද ක්‍රීඩා කිරීමට ද තීරණය කර ඇති බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව පැට් කමින්ස් සිය මවගේ අසනීප තත්ත්වය හේතුවෙන් යළි ඔස්ට්‍රේලියාව බලා පිටව ගිය අතර, තෙවැනි හා සිව්වැනි ටෙස්ට් තරගවලදී ඔහු වෙනුවට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ස්ටීවන් ස්මිත්ට පැවරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...