සාමාජිකත්වය අහෝසි වූ ක්‍රීඩා සමාජ 4 කට යළි සාමාජිකත්වය

Date:

වාර්ෂික සාමාජික ගාස්තුව ගෙවීම පැහැර හැරීම හේතුවෙන් තාවකාලිකව සාමාජිකත්වය අහෝසි කර තිබූ ක්‍රීඩා සමාජ 4 කට යළි සාමාජිකත්වය පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඊයේ(31) පැවැති ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමේ දී යි.

සාමාජික ගාස්තුව ගෙවීමට නොහැකිවීම සම්බන්ධයෙන් එම සාමාජික ක්‍රීඩා සමාජ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව වෙත ඉදිරිපත් කරන ලද සාධාරණ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් ඔවුන්ට යළි සාමාජිකත්වය ලබා දීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මේ අතර, මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරනු ලබන ක්‍රිකට් තරගාවලියන්හි ලකුණු සටහන් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිළිගනු ලැබූ ලකුණු සටහන්කරුවන් විසින්ම සිදුකළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවට අදාළ වූ නීති හා රෙගුලාසි සංශෝධනය කිරීමට ද ඊයේ පැවැති විශේෂ මහා සභා රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...