ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සමත් වුණා.
ඒ අනුව ඔහු තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගය අහ්මදාබාද් හී දී පැවැත්වෙන අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගය සදහා සිය කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.
කෙසේ වෙතත්, ඉන්දියාව මොහමඩ් සිරාජ් විවේක ගැන්වීමට පියවර ගෙන තිබෙනවා. ඔහු වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ මොහමඩ් ෂාමි.
මෙම තරගයෙන් ඉන්දියාව ජය ගතහොත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔවුන් සුදුසුකම් ලබා ගන්නවා.
ශ්‍රී ලංකාවට අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීම පිළිබද බලාපොරොත්තුවක් තබා ගැනීමටනම් මෙම තරගයෙන් ඉන්දියාව පරාජයට පත් වීම හෝ තරගය ජය පරාජයෙන් තොරව නිමා වීම අනිවාර්යයි.
කණ්ඩායම් දෙක –
Australia XI:
Travis Head, Usman Khawaja, Marnus Labuschagne, Steven Smith (c), Peter Handscomb, Cameron Green, Alex Carey (wk), Mitchell Starc, Todd Murphy, Nathan Lyon, Matthew Kuhnemann
India XI:
Rohit Sharma (c), Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli, Shreyas Iyer, Ravindra Jadeja, KS Bharat (wk), R Ashwin, Axar Patel, Umesh Yadav, Mohammed Shami

