මෙන්ඩිස් හා දිමුත්ගේ දැවී යාම්වලින් පසු මැතිව්ස්-චන්දිමාල් ඉනිම ගොඩ නගයි

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මේ වන විට ක්‍රයිස්චර්ච්හි හේග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තේ පානය සදහා තරගය නතර කරන විට තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක ටිම් සවුතිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 209 ක්.

දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 120 ක් ලබා සිටි අතර, ඒ අනුව දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 89 ක්.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඕෂද ප්‍රනාන්දු ලකුණු 13 කට දැවී යාමත් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් පන්දු 83 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 87 ක්. හතරේ පහර 16 කින් ඔහුගේ වේගවත් ඉනිම වර්ණවත් වුණා. මෙන්ඩිස් සිය අර්ධ ශතකය පන්දු 40 කින් වාර්තා කිරීම කැපී පෙනුණා. එය ක්‍රයිස්චර්ච්හි හේග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී සංචාරක කණ්ඩායමක පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකයයි.

Watch : සුපිරි ප්‍රහාරයකින් පසු මෙන්ඩිස්ගේ ඉනිම අවසන් වූ අවාසනාවන්ත ආකාරය

දිමුත් කරුණාරත්න ලකුණු 50 කට දැවී ගියා. පන්දු 87 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත්. දිමුත් හා මෙන්ඩිස් අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 137 (156) ක්.

Also Read : ජයසූරියගේ වාර්තාව දිමුත් බිද දමයි

තේ පානය සදහා තරගය නතර කරන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 28(52) ක් ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 24(47) ක් ද ලබා කඩුල්ලේ රැදී සිටියා.

පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 2ක් හා මැට් හෙන්රි කඩුල්ලක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...