ජයසූරියගේ වාර්තාව දිමුත් බිද දමයි

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද(9) ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී නව වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වුණා.

ඒ, නවසීලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින අතරවාරයේ දී යි.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි දිමුත් මෙම ඉනිමේ දී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 50 ක්. පන්දු 87 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත්.

දිමුත් අද වාර්තා අතරට එක් වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ආරම්භක පිතිකරුවා ලෙසයි.

දිමුත් මේ වන විට ආරම්භක පිතිකරුවෙකු ලෙස ශතක 14 ක් සමගින් වාර්තා කර ඇති ටෙස්ට් ලකුණු ප්‍රමාණය 5,980 ක්.

ඔහුට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ සුපිරි පිතිකරු සනත් ජයසූරියයි.

ඔහු තරග 90 කදී ටෙස්ට් ලකුණු 5,932 ක් ආරම්භක පිතිකරුවෙකු ලෙස වාර්තා කර තිබුණේ ශතක 13 ක් ද සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...