Watch : සුපිරි ප්‍රහාරයකින් පසු මෙන්ඩිස්ගේ ඉනිම අවසන් වූ අවාසනාවන්ත ආකාරය

Date:

නවසීලන්තය සමග අද(9) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 14 දී බිද වැටීමෙන් පසුව පිටියට පිවිසි මෙන්ඩිස් පන්දු 83 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 87 ක්.

හතරේ පහර 16 කින් ඔහුගේ වේගවත් ඉනිම වර්ණවත් වුණා. මෙන්ඩිස් සිය අර්ධ ශතකය පන්දු 40 කින් වාර්තා කිරීම කැපී පෙනුණා. එය ක්‍රයිස්චර්ච්හි හේග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී සංචාරක කණ්ඩායමක පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකයයි.

කුසල් මෙන්ඩිස් දැවී ගියේ ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන්. පන්දුව නිදැල්ලේ යැවීමට මෙන්ඩිස් උත්සාහ කළ නමුත්, පන්දුව ඔහුගේ පාදයක වැදීමත් සමග ඔහු දැවී ගිය පිතිකරුවෙකු ලෙසයි විනිසුරු විසින් නම් කළේ.

විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ එම තීරණය අභියෝගයට ලක් කිරීමට ද කුසල් මෙන්ඩිස් එම අවස්ථාවේ දී කටයුතු කළේ නැහැ. (දර්ශන පහතින් නරඹන්න)

ඔහු එවැනි අභියෝගයක් සිදු කළ ද, ඉන් ප්‍රයෝජනයක් අත්නොවන බව පුනරූපනවලින් දක්නට ලැබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...