ඇඩම් සම්පා RCB කණ්ඩායමට

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සදහා ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා කැදවීමට කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන තිබෙනවා.

ඒ, මෙවර තරග වාරයෙන් ඉවත් වීමට තීරණය කළ කේන් රිචර්ඩ්සන් වෙනුවටයි.

රිචර්ඩ්සන් සහ ඔහුගේ බිරිද පළමු දරු උපත බලාපොරොත්තුවෙන් පසු වීම හේතුවෙන් ඔහු මෙලෙස මෙවර තරග වාරයෙන් ඉවත්ව ඇති බව සදහන්.

කේන් රිචර්ඩ්සන් බැංගලෝර් කණ්ඩායම විසින් ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගෙන තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 4ක මුදලකටයි.

ඇඩම් සම්පා සංචිතයට කැදවීමත් සමග බැංගලෝර් කණ්ඩායමේ දග පන්දු බලඇණිය තවදුරටත් ශක්තිමත් වනු ඇති.

මේ වන විටත් ඔවුන්ගේ සංචිතයට යුස්වේන්ද්‍ර චහෙල්, වොෂින්ටන් සුන්දර්, මොයීන් අලී සහ පවන් නෙගී වැනි දග පන්දු යවන්නන් ඇතුළත්ව සිටිනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...