ඇෆ්ඝනිස්තානයට නව පන්දු යැවීමේ පුහුණුකරුවෙකු පත් කෙරේ

Date:

ඇෆ්ඝනිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හමීඩ් හසාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කිරීමට පියවර ගෙන ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පාකිස්තානයට එරෙහිව ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ සිට හමීඩ් හසාන් අදාළ ධූරයේ කටයුතු ආරම්භ කරනු ඇති.

මාර්තු 25 වැනිදා සිට 29 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රීඩාංගනයේ දී එම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

හමීඩ් හසාන් ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් 2009 වසරේ සිට 2019 වසර දක්වා එක්දින තරග 38 ක් ක්‍රීඩා කර තිබූ අතර, එහිදී කඩුලු 59 ක් දවා ගෙන තිබුණා.

20යි 20 ජාත්‍යන්තර තරග 25 කදී ද ජාතික කණ්ඩායම නියෝජනය කළ ඔහු කඩුලු 35 ක් එහිදී දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...