බුම්රාගේ අලුත්ම සෞඛ්‍ය තත්ත්වය මෙන්න

Date:

පිට කොන්දේ ආබාධය හේතුවෙන් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා නවසීලන්තයේ දී ශල්‍යකර්මයකට මුහුණ දී තිබෙනවා.

මාර්තු මාසය අවසන් වන තුරු බුම්රා එරට රැදි සිටීමට නියමිතව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අගෝස්තු මාසයේ සිට යළි පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට ඔහුට අවස්ථාව සලසා දීමට ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ අවධානය යොමුව ඇති බව සදහන්.

ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා බුම්රාව සූදානම් කිරීම වෛද්‍ය කමිටුවේ අරමුණ වී තිබෙනවා.

ජස්ප්‍රිට් බුම්රා අවසන් වරට ක්‍රිකට් තරගයක් සදහා ක්‍රීඩා කර ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී යි.

ආබාධ හේතුවෙන් බුම්රාට පසුගිය වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලිය මෙන්ම 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ද අහිමි වූ අතර, එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හා ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ද (ඉන්දියාව සුදුසුකම් ලැබුවහොත්) ඔහුට අහිමි වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...