ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු තරගයට සියල්ල සූදානම් ; සියලු තොරතුරු මෙන්න

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (9) නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගය නවසීලන්ත වේලාවෙන් පෙරවරු 11 ට, එනම් ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3.30ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් තරගාවලියක් බවට පත්ව ඇත්තේ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම පිළිබද බලාපොරොත්තුවක් තබා ගැනීමටනම් ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීම අනිවාර්යය වන බැවින්.

නමුත්, ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර හෙට ආරම්භ වන සිව්වැනි හා අවසන් ටෙස්ට් තරගය ඉන්දීය කණ්ඩායම පරාජයට පත් වීම හෝ එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම ද ශ්‍රී ලංකාවට අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමටනම් අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙකු හා ප්‍රධාන දග පන්දු යවන්නෙකු සමග පළමු තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවයි නායක දිමුත් කරුණාරත්න සදහන් කළේ.

පළමු තරගයට ක්‍රීඩා කළ හැකි කණ්ඩායම් දෙක –

ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න, ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය

නවසීලන්ත කණ්ඩායම

Tom Latham, Devon Conway, Kane Williamson, Will Young, Henry Nicholls, Daryl Mitchell, Tom Blundell, Michael Bracewell, Tim Southee, Matt Henry, Neil Wagner

ඉතිහාස වාර්තා –

ශ්‍රී ලංකාව නසීලන්තයේ දී මේ දක්වා ටෙස්ට් තරග 19 ක් ක්‍රීඩා කර ඇතත්, ඉන් ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 2ක් පමණයි. එක් තරගයක් 1995 වසරේ දී ශ්‍රී ලංකාව ජය ගත් අතර, එම තරගාවලිය ද තරග 1-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. අනෙක් තරගය ශ්‍රී ලංකාව නවසීලන්තයේ දී ජය ගනු ලැබුවේ 2006 වසරේ දී යි.

නවසීලන්තයේ දී ක්‍රීඩා කළ තරග 19 න් තරග 6ක් ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට ද ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර සමස්ථයක් ලෙස ටෙස්ට් තරග 36 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 16 ක් නවසීලන්තයත්, තරග 9 ක් ශ්‍රී ලංකාවත් ජය ගැනීමට සමත් වුණා. තරග 11 ක් අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.

නරඹන්නේ කොහොමද ?
තරගාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය සුප්‍රීම් ටී වී නාලිකාව හිමි කර ගෙන තිබෙනවා.

Dialog TV නාලිකා අංක 20 හෝ අංක 1 ඔස්සේ ද, Freesat නාලිකා අංක 17 හා PEO TV නාලිකා අංක 140 ඔස්සේ ද මෙම තරගාවලිය නැරඹිය හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...