මැතිව්ස්ගේ තුන් ඉරියව් දක්ෂතා මුම්බායි පිලට විශිෂ්ඨ ජයක් ගෙනෙයි

Date:

කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාන්තා කණ්ඩායම පරදා කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම සමත් වුණා.

මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 18.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 155 ක්.

රීචා ගෝෂ් ලකුණු 28 ක් ලබා ගත් අතර, ස්ම්රිති මන්දනා හා ෂ්රෙයන්කා පටිල් ලකුණු 23 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී හෙයිලි මැතිව්ස් ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි පිල පන්දුවාර 14.2 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

හෙයිලි මැතිව්ස් නොදැවී ලකුණු 77 ක් රැස් කළේ පන්දු 38 කට පමණක් මුහුණ දෙමින්. හයේ පහරක් හා හතරේ පහර 13 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

Nat Sciver-Brunt නොදැවී ලකුණු 55 (29) යි. Preeti Bose ලකුණු 34 කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...