ශකිබ්ගේ තුන් ඉරියව් දක්ෂතා බංග්ලාදේශය පූර්ණ තරගාවලි පරාජයකින් ගළවයි

Date:

ශකිබ් අල් හසාන් පිත්තෙන් වාර්තා කළ ලකුණු 75 (71) හා පන්දු යැවීමෙන් ලකුණු 35 කට බිද හෙලූ කඩුලු හතර හමුවේ එංගලන්තයට එරෙහිව පූර්ණ එක්දින ක්‍රිකට් තරගාවලියක් පරාජයට පත් වීමේ අවධානමෙන් ගැළවීමට බංග්ලාදේශ කණ්ඩායම අද(6) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන් බංග්ලාදේශය ලකුණු 50 ක ජයක් ලැබීමත් සමගයි.

Chattogram හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 48.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 246 ක් රැස් කළ අතර, ලකුණු 247 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට පන්දුවාර 43.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 196 ක් පමණයි.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 70 ක් ද, නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු 53 ක් ද රැස් කළා. ජොෆ්ර ආචර් ලකුණු 35 කට බිද හෙලූ කඩුලු ගණන 3 ක්. සෑම් කරන් හා අඩිල් රෂීඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

එංගලන්ත පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජේම්ස් වින්ස් ලකුණු 38 කට දැවී ගිය අතර, පිල් සෝල්ට් ලකුණු 35 ක් හා ක්‍රිස් වෝක්ස් ලකුණු 34 ක් රැස් කළා.

ශකිබ්ගේ කඩුලු 4ට අමතරව ටයිජුල් ඉස්ලාම් හා එබඩොට් හොසේන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

කෙසේ වෙතත්, තරග 2-1 ක් ලෙස එක්දින තරගාවලියේ ජය හිමි වූයේ සංචාරක එංගලන්ත කණ්ඩායමටයි.

මේ අතර, මෙම තරගයේ දී ශකිබ් අල් හසාන් සිය එක්දින කඩුලු 300 කඩඉමට ළගා වූ අතර, එක්දින කඩුලු 300 ක් දවා ගත් පළමු බංග්ලාදේශ ක්‍රීඩකයා බවට ද ඔහු පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...