මැතිව්ස් සහ චන්දිමාල් ටෙස්ට් පිටියේ සුවිශේෂී කඩඉම් දෙකක් අභියස

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි.

තරග දෙකකින් යුත් මෙම ටෙස්ට් තරගාවලිය වෙත ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම තේරීම සදහා මෙම තරගාවලිය ද බලපෑමක් සිදු කරන බැවින්.

පළමු ටෙස්ට් තරගය එළඹෙන 9 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිත අතර, ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමටනම් මෙම තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්යය වනවා.

කෙසේ වෙතත්, ඉන්දු – ඔස්ට්‍රේලියා සිව්වැනි ටෙස්ට් තරගය ද ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස අවසන් වීම ද මෙහිදී සිදු විය යුතුයි.

Also Read : WTC අවසන් තරගයට යන්නේ ඉන්දියාව ද? ශ්‍රී ලංකාව ද? ක්‍රමවේදය මෙන්න

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකුට ද ඉතා වැදගත් තරගාවලියක් වනු ඇති.

ඒ, මැදපෙල පිතිකරුවන් දෙදෙනෙකු වන ඇන්ජෙලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් කඩඉම් දෙකක් අසල රැදී සිටින බැවින්.

මැතිව්ස් මේ වන විට ටෙස්ට් ඉනිම් 178 කදී ලකුණු 6,953 ක් ලබා සිටින අතර, ඔහුට ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමේ අවස්ථාව එළඹෙන නවසීලන්ත තරගාවලියේ දී උදා වීමට ඉඩ තිබෙනවා.

ඒ සදහා මැතිව්ස්ට අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 21 ක් පමණයි. මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ඉනිම් 188 කදී ලකුණු 6,973 ක් ලබා සිටින සනත් ජයසූරියයි.

මැතිව්ස්ට ටෙස්ට් ලකුණු 7,000 සීමාවට ළගා වීම සදහා ද තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 47 ක් පමණයි.

මේ අතර, දිනේෂ් චන්දිමාල් මේ වන විට ටෙස්ට් ලකුණු 4,936 ක් ලබා සිටින අතර, ඔහුට ටෙස්ට් ලකුණු 5,000 ක් රැස් කළ 11 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වීමට තවත් ලකුණු 64 ක් පමණක් ලබා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...