විල් ජැක්ස් බංග්ලාදේශ සංචාරයෙන් ඉවතට ; කෝටි 3.2 ක ගිවිසුමත් අනතුරේ ?

Date:

එංගලන්ත ක්‍රීඩක විල් ජැක්ස්ට බංග්ලාදේශ තරග සංචාරයේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුව ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

බංග්ලාදේශය සමග පැවැති දෙවැනි එක්දින තරගයේ පන්දු රකිමින් සිටියදී ඔහුගේ වම් පාදයේ මෙම ආබාධය සිදු වුණා.

ඒ අනුව විල් ජැක්ස් ඉදිරි පැය 48 ඇතුළත යළි සියරට බලා පිටත්ව යාමට නියමිතයි.

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයට විල් ජැක්ස් මීට පෙර ආදේශ කෙරුණේ ආබාධයකට ලක් වූ ටොම් ඇබෙල් වෙනුවටයි.

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී විල් ජැක්ස් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීමට ද නියමිතව ඇති පසුබිමකයි ඔහු මෙලෙස ආබාධයකට ලක්ව ඇත්තේ.

RCB කණ්ඩායම විසින් ඔහුව මිලදී ගත්‍තේ ඉන්දීය රුපියල් කෝටි 3.2 ක මුදලකටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...