සිව්වැනි ටෙස්ට් තරගයේ නායකයා ඔස්ට්‍රේලියාව නිවේදනය කරයි ; රිචර්ඩ්සන් එක්දින තරගාවලියෙන් ඉවතට

Date:

ඉන්දියාව සමග පැවැත්වෙන බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ද ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම ස්ටීව් ස්මිත්ට පැවරී තිබෙනවා.

ඒ, නිත්‍ය නායක පැට් කමින්ස් තවදුරටත් සිඩ්නි නුවර සිය පවුලේ සාමාජිකයින් සමග රැදී සිටීමට ගෙන ඇති තීරණය හේතුවෙන්.

කමින්ස්ගේ මව පිළිකා රෝගයකින් පෙළෙන බැවින් පැට් කමින්ස් දෙවැනි ටෙස්ට් තරගය නිමා වීමෙන් පසුව යළි ඔස්ට්‍රේලියාව බලා පිටව ගියා.

තෙවැනි ටෙස්ට් තරගයට පෙර ඔහු යළි සංචිතය සමග එක්වීමට අපේක්ෂාවෙන් පසු වුවද, පසුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ ඔහු තවදුරටත් සිය පවුලේ සාමාජිකයින් සමග රැදී සිටීමට තීරණය කර ඇති බැවින් තෙවැනි ටෙස්ට් තරගයේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ස්ටීව් ස්මිත්ට පවරන බවයි.

ස්මිත්ගේ නායකත්වය යටතේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තෙවැනි ටෙස්ට් තරගයේ දී ඉන්දියාව පරදා කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට සමත් වූ අතර, මේ වන විට තරග 2-1 ක් ලෙස ඉන්දියාව තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

තවදුරටත් පැට් කමින්ස් ඔස්ට්‍රේලියාවේ රැදී සිටින බැවින් එළඹෙන 9 වැනිදා අහ්මදාබාද් හී දී ආරම්භ වීමට නියමිත අවසන් ටෙස්ට් තරගයේ දී ද ස්මිත් විසින් කණ්ඩායම මෙහෙයවීමට නියමිත අතර, නායක පැට් කමින්ස්ට දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින තරගාවලියට ක්‍රීඩා කළ හැකිදැයි මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නැහැ.

මේ අතර, ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජයි රිචර්ඩ්සන්ට දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය අහිමි වී ඇත්තේ ක්‍රීඩා සමාජ තරගයක් අතරතුර දී පාදයක ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඔහු වෙනුවට නේදන් ඇලස් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...