Watch : T20 පිටියට හදුන්වා දුන් විනිසුරු තීරණ අභියෝග කිරීමේ අලුත්ම නීතිය

Date:

20යි 20 ලීග් පිටියේ පළමු වරට පිටියේ විනිසුරු විසින් ලබා දෙන නිපන්දු හා වයිඩ් පන්දු විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය හෙවත් DRS ක්‍රමවේදය ඔස්සේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව මෙවර කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියේ දී ක්‍රීඩිකාවන්ට උදා වී තිබෙනවා.

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ දී ද මෙම අවස්ථාව ක්‍රීඩකයින්ට ලබා දීමටයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර ඇත්තේ.

මෙතෙක් පැවැති නීති අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරගයකදී විනිසුරු තීරණ අභියෝගයට ලක් කළ හැකි වූයේ දැවී යාමක් සම්බන්ධයෙන් ලබා දෙන තීරණ පමණයි.

සෑම කණ්ඩායමකටම එක් ඉනිමක් සදහා ලැබෙන විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේද අවස්ථා දෙක තුළටම මෙම විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ද ඇතුළත් වනවා.

කෙසේ වෙතත්, පාදයේ වැදී යන ලකුණු (Leg-bye) සම්බන්ධයෙන් වන විනිසුරු තීරණ අභියෝගයට ලක් කළ නොහැකියි.

මෙවර WPL තරගාවලියේ පළමු තරග කිහිපයේ දී ම මෙම විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගැනීමට ක්‍රීඩිකාවන් කටයුතු කරනු දක්නට ලැබුණා.(දර්ශන පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...