ලබන වසර හතර සදහා SLC ගෝලීය විකාශන අයිතිය අලෙවි කෙරේ

Date:

ගෝලීය වෙළදපොළ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අයිතිය ලබා ගැනීමට Sony Sports සමාගම යළි සමත් වී තිබෙනවා.

2023 අප්‍රේල් මාසයේ සිට 2027 මාර්තු මාසය දක්වා වසර 4 ක කාලයක් වෙනුවෙනුයි මෙම විකාශන අයිතිය ලබා දී ඇත්තේ.

ඒ සදහා ලංසු කැදවීම මාර්තු පළමු වැනිදා අවසන් වූ අතර, එහිදී Disney Star සමාගම අභිබවා යමින් Sony Sports සමාගම යළිත් වරක් විකාශන අයිතිය හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.

Viacom 18 සමාගම ද විකාශන අයිතිය ලබා ගැනීමේ සටනට අවතීර්ණ වීමට අවධානය යොමු කර තිබූ නමුත්, පසුව ඔවුන් එම අදහස අත්හැර තිබුණා.

සෝනි සමාගම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඉදිරි වසර 4ක කාලය සදහා වන ගිවිසුමේ වටිනාමක නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතත්, එය පසුගිය වසර 4ක කාලයට අදාළ ගිවිසුමේ වටිනාකමට වඩා අඩු අගයක් වන බවටයි විශ්වාස කෙරෙන්නේ.

පසුගිය විකාශන ගිවිසුමට අනුව එහි වටිනාමක අමෙරිකානු ඩොලර් මිලියන 23 ක් පමණ වූ බව සදහන්. එනම් රුපියල් කෝටි 781 ක පමණ අගයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...