වනිදු-ලහිරු සුපිරි පන්දු යැවීම NSL ශූරතාවය දඹුල්ලට හිමි කර දෙයි ; ත්‍යාග මුදල් බෙදී ගියේ මෙහෙමයි

Date:

ගාල්ල කණ්ඩායම සමග පැවැති නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ලකුණු 75 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායමට අද(5) සමත් වුණා.

ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 258 ක ඉලක්කයක් හඹා ගිය ගාලු කණ්ඩායමට තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 182 ක් පමණයි.

දිනය ආරම්භ කරන විට ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 93 ක් ලබා සිටියා. පැතුම් කුමාර ලකුණු 36 කට දැවී ගිය අතර, කවිශ්ක අංජුල ලකුණු 27 ක් රැස් කළා. දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 52 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 44 කට කඩුලු 5 ක් දවා ගත් අතර, ලහිරු සමරකෝන් ලකුණු 60 බිද හෙලූ කඩුලු ගණන 4 ක්.

තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 248 ක් රැස් කිරීමට සමත් වූ අතර, පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ගාලු කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 187 ක්.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 196 ක් රැස් කළා.

තරගාවලියේ ශූරතාවය දිනූ දඹුල්ල කණ්ඩායමට රුපියල් මිලියන පහක ත්‍යාග මුදලක් ද, අනුශූරතාවය දිනූ ගාලු කණ්ඩායමට රුපියල් මිලියන 2.5 ක මුදලක් ද හිමි වුණා.

තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ ගාලු කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස්ට රුපියල් ලක්ෂ 5 ක ත්‍යාග මුදලක් හිමි වුණා.

තරගාවලියේ හොදම පිතිකරුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ මහනුවර පිලේ අහන් වික්‍රමසිංහ. තරගාවලියේ හොදම පන්දු යවන්නා ලෙස යාපනය කණ්ඩායමේ ශෂික දුල්ෂාන් සම්මානයෙන් පිදුම් ලැබුවා. ඔවුන්ට රුපියල් දෙලක්ෂ පනස්දහසක ත්‍යාග මුදලක් බැගින් පිරිනැමීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...