රූට් 20යි 20 සංචිතයෙන් ඉවත් කෙරේ

Date:

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයෙන් ටෙස්ට් නායක ජෝ රූට් ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලිය සදහා නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් ද එක්දින සංචිතයට ඇතුළත්.

ජොස් බට්ලර්, ජොෆ්ර ආචර්, සෑම් කරන් සහ මාර්ක් වුඩ් 20යි 20 සහ එක්දින සංචිත දෙකටම නම් කර තිබෙනවා.

සිය පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් පාකිස්තානයට එරෙහි අවසන් ටෙස්ට් තරග දෙක ක්‍රීඩා නොකළ බෙන් ස්ටොක්ස් මෙම තරගාවලි සදහා ද නම් කර නැහැ.

එමෙන්ම ආබාධයකට ලක්ව සිටින ආරම්භක පිතිකරු ජේසන් රෝයි ද සංචිත දෙකටම ඇතුළත් කර නැහැ.

දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය ලබන 4 වනදා පැවැත්වෙන අතර, තරග 3කින් යුත් එක්දින තරගාවලිය 11 වනදා ආරම්භ වීමට නියමිතයි.

T20 squad:

Eoin Morgan (c), Moeen Ali, Jofra Archer, Jonny Bairstow, Tom Banton, Sam Billings, Jos Buttler, Sam Curran, Tom Curran, Joe Denly, Chris Jordan, Dawid Malan, Adil Rashid, Mark Wood. Reserves: Liam Livingstone, Saqib Mahmood.

ODI squad:

Eoin Morgan (c), Moeen Ali, Jofra Archer, Jonny Bairstow, Tom Banton, Sam Billings, Jos Buttler, Sam Curran, Tom Curran, Adil Rashid, Joe Root, Chris Woakes, Mark Wood. Reserves: Joe Denly, Saqib Mahmood.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...