ඩොටින්ට WPL අහිමි වෙයි

Date:

ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩිකා Deandra Dottin ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (Women’s Premier League) (WPL) ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් එලෙස ඇයට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බව සදහන්.

ඇය වෙනුවට ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩිකා Kim Garth සංචිතයට ආදේශ කිරීමටයි ජයන්ට්ස් කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.

ක්‍රීඩිකාවන් මිලදී ගැනීම සදහා පැවැති වෙන්දේසියේ දී Deandra Dottin ඉන්දීය රුපියල් ලක්ෂ 60 ක මුදලකට ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබුණා.

WPL තරගාවලිය අද ආරම්භ වන අතර, පළමු තරගය පැවැත්වෙන්නේ මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම හා ගුජරාට් ජයන්ට්ස් කාන්තා කණ්ඩායම අතරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...