නවසීලන්තය ලකුණු 135 ක් පිටුපසින්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය යටතේ පැවැත්වෙන දෙදින පුහුණු ක්‍රිකට් තරගයේ පළමු දිනය අද (4) ක්‍රයිස්ච්ර්ච් හි Lincoln නුවර Bert Sutcliffe Oval ක්‍රීඩාංගනයේ දී නිමා වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය (NEW ZEALAND XI) එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 141 ක්.

JCT Boyle නොදැවී ලකුණු 73 ක් ද, JJNP Bhula නොදැවී ලකුණු 37 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා. JM Cumming ලකුණු 27 කට දැවී ගියේ ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 276 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 21 ක් ලබා සිටියදීයි. ඔහු සමග ඉනිම ආරම්භ කළ ඕෂද ප්‍රනාන්දු පන්දු 111 කින් ලකුණු 78 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට තීරණය කළා. හයේ පහරක් හා හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

අංක 3 පිතිකරු වූ කුසල් මෙන්ඩිස් පන්දු 87 කින් වේගවත් ලකුණු 95 ක් ලබා ගත්තා. හයේ පහර 2 ක් හා හතරේ පහර 16 ක් මෙන්ඩිස්ගේ ඉනිමට ඇතුළත් වුණා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 38 (70) ක් ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 35 (45) ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී JW Hartshorn, SB Davey, RM ter Braak හා TF van Woerkom එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 135 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...